දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය ලියන්න යන සලේ වෙනුවෙන් හෙට සිට කොළඹ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට සෙත්පතා බෝධි පූජා පිංකමක් සහ පිරිත් සඡ්ඣායනයක් අද(07) දින පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේදී පවත්වා ඇත.

එය සර්වජන බලය සංවිධාන කළ බව සඳහන්. එමෙන්ම එම අවස්ථාවට සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සහ පුතනුවන්ද එක්ව සිටි බව වාර්තා වේ.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් හෙට (08) දින පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම්ව සිටින බවසිටින බව වාර්තා වේ.

එසේම "සලේ වෙනුවෙන් නැගී සිටිමු" (Standup for Sallay) යන තේමාව යටතේ මෙය සංවිධානය කර ඇත.

මේ බව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මීට සුළු වෙලාවකට පෙර පවත්වා ඇති බව සඳහන්.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.

මරණය දක්වා උපවාසයක් කරන සලේ වෙනුවෙන් ඔහුගේ බිරිඳ හිට ගනී - පොලිස්පතිට ලිපියක්

මරණය දක්වා උපවාසයක් කරන සලේ වෙනුවෙන් ඔහුගේ බිරිඳ හිට ගනී - පොලිස්පතිට ලිපියක්

පසුව රැඳවුම් නියෝග මත ඔහුව එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි. එවන් පසුබිමක ඊයේ (06) දින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඔහුට CID නිලධාරීන් වධහිංසා සිදුකරන බැවින් ඔහු උපවාසයක් අරඹා ඇති බව හෙළි කළත් ඊයේ රාත්‍රියේම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණා.

එවැනි පසුබිමක සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය අද දින පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ද යොමුකරමින් තම ස්වාමි පුරුෂයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදුව ඇති බව පැවසෙන කෘෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම් ඇතුළු කරුණු පිළිබඳ වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඉල්ලා සිටියා.

මගේ මහත්තයා රට වෙනුවෙන් හැමදේම කළේ ,එයාට හරිම අමානුෂික විදිහට සලකලා - සුරේෂ් සලේගේ බිරිඳ කඳුළු සලමින් කියු කතාව

මගේ මහත්තයා රට වෙනුවෙන් හැමදේම කළේ ,එයාට හරිම අමානුෂික විදිහට සලකලා - සුරේෂ් සලේගේ බිරිඳ කඳුළු සලමින් කියු කතාව

මේ අතර තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් අද (07) දින හෙළි කර තිබුණා.

එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් සලේ මහතාගේ නීතිඥවරයා සඳහන් කර තිබුණේ සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන සැකසීමට සිය නීතිඥයින්ට කඩිනමින් තමන් හමුවීමට පැමිණෙන මෙන් සලේ මහතා දැනුම් දී ඇති බවත් ය.

එනිසා ඔහුව පහසුකම් සහිත රෝහලකට යොමුකරන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මඟින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විනිශ්චය කරන ලෙසත් එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි

ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි