බලා සිටි මොහොත එළඹෙයි - කොදෙව් නැගී එන ක්රිකට් කණ්ඩායම සහ ශ්රි ලංකා නැගී එන කණ්ඩායම අතර තරගාවලිය අද
ශ්රී ලංකාවේ සංචාරයක නිරත බටහිර ඉන්දිය කොදෙව් නැගී එන ක්රිකට් කණ්ඩායම සහ ශ්රි ලංකා නැගී එන කණ්ඩායම අතර සිව් දින ක්රිකට් තරගාවලිය අද (08) දින ආරම්භ වීමට නියමිතව පවතී.
ඒ අනුව මෙම තරගය සූරියවැව ක්රිඩාංගණයේදි පැවැත් වේ. එසේම තරගාවලියට සිව් දින තරග 2ක් ඇතුළත් වේ.
මේ අතර දිනුර කලුපහනගේ නායකත්වය යටතේ නැගී එන කණ්ඩායමක් තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති බව සඳහන්.