කුලී ගමනක් යන මුවාවෙන් කාරය මංකොල්ල කාලා කාපු හැටි මෙන්න.
Police
Sri Lanka
Katunayake
Kochchikadee
By Aruna
කටුනායක සිට මහනුවර දක්වා කුලී ගමනක් යන මුවාවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයේ දී රියදුරුට යම්කිසි විෂ පානයක් බීමට දී මත් වීමෙන් පසු මාවනැල්ල වලකඩයාව ප්‍රදේශයේ හෝටලයක දමා මෝටර් රථය පැහැරගත් බව පුද්ගලයකු කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ පරීක්ෂණයක් පවත්වා අදාළ මෝටර් රථය රත්නපුර ප්‍රදේශයට විකුණා තිබියදී දින සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රීරෝද රථ සහ මෝටර් රථ හොරකමකට ද සම්බන්ධ බවට හෙලිවී ඇත.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිසිය වෙත අද දින භාර දෙනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |