ඩෙංගු අවදානම වැඩි පළාත් මෙන්න...
By Parami Dissanayake
2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසයේ ඊයේ (08) දිනය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 25,718ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 9,410ක්, උතුරු පළාතෙන් 4,450ක්, මධ්‍යම පළාතෙන් 2,315ක්, වයඹ පළාතෙන් 1,852ක්, දකුණු පළාතෙන් 1,929ක් සහ සබරගමු පළාතෙන් 2,524ක් ලෙස වාර්තා වී ඇති අතර මේ වසරේ (2024) ගත වූ කාලය තුළ සිදුව ඇති ඩෙංගු රෝගී මරණ ගණන 09 කි.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ වයඹ, දකුණ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ද ඩෙංගු පැතිර යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ය.