විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මුලු රටම වහන්න වෙයි?

Covid Sri Lanka Lock down Hemantha herath
By Aruna Nov 08, 2021 06:39 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් අවදානම නැවතත් හිස ඔසවන තත්ත්වයකට පැමිණෙමින් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ජනතාව සෞඛ්‍ය නීති රීති අනුගමනය නො කරමින් ප්‍රවේශමකින් තොර ව කටයුතු කළ හොත් නැවතත් රටා වසා දැමීමේ තත්ත්වයකට යා හැකි බවටයි ඔහු අවධාරණය කරන්නේ.

ආගමික උත්සවවලට සහභාගි වෙමින් මුව ආවරණ ද නැති ව ඉතා අපරීක්ෂාකාරී ලෙස ජනතාව හැසිරෙන බව පැවසූ වෛද්‍යවරයා, ඡායාරූපයක් ගැනීමට හෝ මුව ආවරණය ගැලවීමෙන් රෝගය වැළඳීමේ අවදානමක් ඇති බව සඳහන් කරනවා.

නැවතත් රෝගය පැතිරීමට ඉඩ දීම පාසල් දරුවන්ට කරන විශාල අසාධාරණයක් බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

ආගමික ස්ථානවලට යද්දී ඇඳුම් පැළඳුම් ආදිය පිළිබඳ සැළකිලි වන තරමට ම, එම ස්ථානවල දී සෞඛ්‍ය රීති ද අනුගමනය කරන්නැ යි වෛද්‍ය හේමන්ත හේරත් තවදුරටත් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha