හේමන්ත හේරත් ගෙන් විශේෂ දැනුම්දීමක්.. ශ්‍රී ලංකාව අධි අවධානම් තත්ත්වයක..
කොරෝනා අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර බස්නාහිර පළාත තුළ පමණක් දැනට ක්‍රියාත්මක නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය දිවයින පුරා ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
රජය විසින් ආරම්භ කළ නිවෙස්ගත ව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය යටතේ දැනට 14,000ක් පමණ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ද සඳහන් කළේ නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය ඉතා සාර්ථක වී ඇති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කොරෝනා අධිඅවදානම් කලාපයෙන් ඉවත් වීමට නම්, දෛනික ව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 950 දක්වා අඩු කරගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර යුද හමුදාවේ නව සොයාගැනීම් රැසකට නායකත්වය ලබාදුන් බ්‍රිගේඩියර් ඩී උදයසේන කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
කොරෝනා වෛරසයට අමතර ව ඔහුට ඩෙංගු උණ ද වැළඳී තිබූ බවට යි වාර්තා වෙන්නේ.
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය තුළ දී ගෙවුණු පැය විසි හතර තුළ පමණක් පුද්ගලයින් 258කට සිදු කළ කොරෝනා පරීක්ෂණවල දී ඉන් 23 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියනයක් පමණ වටිනා ඔක්සිජන් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා.
ශික්ෂණ රෝහලට දැඩි අඩුපාඩුවක් ව පැවති මෙම ඔක්සිජන් යන්ත්‍රය 19 වන වාට්ටුව භාර වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදි යි දානපතියෙකු විසින් ලබා දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |