කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

Department of Meteorology Weather
By Zara Mar 01, 2025 12:48 PM GMT
Zara

Zara

Report

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මාතලේ, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්කමේන්තුව නිවේදනය කර සිටිනවා.

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවර එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙහිදී වාර්තා වන්නේ උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් කර සිටිනවා.

පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත

පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

ReeCha