මේ ප්‍රදේශ වල ජනතාවගේ අවධානයට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
හෙට (30 ) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වේ.
හෙට දිනයේ උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බැවින් වැඩි වෙලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් වල නියුතු වීම් තුලින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බව දැනුම් දී තිබේ.
තව දුරටත් ක්‍රියාකාරකම්වල නියත වීම තුලින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම (heat cramps) ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින්,

Heat Alert: Sri Lanka Issued Hazard Warning