කොවිඩ් රෝගීන්ට විශේෂ ආහාර රටාවක්” – කොරෝනා ආසාදිතයින් දැනගත යුතුම දෙයක් මෙන්න…

Covid 19 Covid healthy
By Sithumi Aug 28, 2021 02:14 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදනය වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර ඉතාම අවශ්‍ය බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණයවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.

ඒ හරහා කොවිඩ් ආසාදිතයින්ට සිය ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගතහැකි අතර ඒ අනුව ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගත හැකි ශාකමය හෝ සත්ත්වමය ආහාර කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික ආහාර වේල් සඳහා එක් කර ගැනීම ඉතා වැදගත් බව වෛද්‍යවරිය සඳහන් කරයි.

විටමින් C බහුල ආහාර ආහාරයට එක් කර ගැනීම මෙන්ම, විටමින් D ශරීරයට ලබා ගැනීම සඳහා දවසකට පැය භාගයක් හෝ ඉර එළියට නිරාවරණය වීම ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කරයි.

මීට අමතරව ධාන්‍යමය ආහාර ලබා ගැනීමත්, නිරන්තරයෙන් වතුර පානය ද ඉතා වැදගත් වන නමුත්, මෙහිදී උණු වතුර සුවි‌ශේෂී වන බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

කොවිඩ් රෝගීන්ට විශේෂ ආහාර රටාවක්” – කොරෝනා ආසාදිතයින් දැනගත යුතුම දෙයක් මෙන්න… | Healthy Foods For Covid

කොරෝනා වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ට විශේෂයෙන්ම ස්වසන අපහසුතා හා ආහාර රුචිය අඩුනම්, ආහාර රුචිය වර්ධනය කරන හා ආහාර ජීර්ණය පහසු කරවන මෘදු ආහාර ලබා දීම සිදු කළ යුතු අතර ඒ අතර සුප්, කැඳ ආදිය ඉතා වැදගත් බව ඇය පවසයි.

කොවිඩ් රෝගීන්ට විශේෂ ආහාර රටාවක්” – කොරෝනා ආසාදිතයින් දැනගත යුතුම දෙයක් මෙන්න… | Healthy Foods For Covid

පැයකට වරක් ඉතාමත් සුළු ආහාර වේලක් ලබා ගැනීම හෝ දියර වර්ග පානය ද කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වඩාත් උචිත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now