දීප ව්‍යාප්ත සෞඛ්‍ය වැඩ වර්ජනය අද

Report

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එක් දින සංකේත වැඩ වර්ජනයක නියැලීමට එම නිලධාරීන් කටයුතු කිරීමත් සමඟ අද (18) උදෑසන 7.00 සිට එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බව වාර්තා වේ.

මෙම වැඩ වර්ජනයට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 18ක් මෙම වර්ජනයේ නිරත වන බව සඳහන් වේ.

රෝහල් වල හදිසි සහ අත්‍යාවශ්‍ය මෙන්ම ජීවිතාරක්ෂක සේවා පමණක් සිදු කෙරෙන අතර ඖෂධ නිකුත් කිරීම,රසායනාගාර, විකිරණ සේවා, මහජන සෞඛ්‍ය හා පවුල් සෞඛ්‍ය,භෞත චිකිත්සක කටයුතු මෙන්ම අක්ෂි තාක්ෂණවේද කටයුතු වර්ජනය හේතුවෙන් අඩපණ වනු ඇති බව එම වෘත්තීයවේදීන් සඳහන් කර සිටියේය.

එසේම මෙම වර්ජනය ළමා සහ මාතෘ රෝහල්,පිළිකා රෝහල්,මානසික සහ වකුගඩු රෝහල් වල සිදු නොවන බවද ඔවුන් සඳහන් කළේය. 

කාන්තා 20යි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා

කාන්තා 20යි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා

නවසීලන්ත කණ්ඩායමට කඩුළු 9ක ජයක්

නවසීලන්ත කණ්ඩායමට කඩුළු 9ක ජයක්