කාන්තා 20යි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා
By Dilasha
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාදා එල්ල විය.
පසුව වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දැමීමට තරඟ තීරකයින් තීරණය කර තිබේ.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත දෙරට අතර 20යි 20 ක්‍රිකට් තරඟාවලිය එකට එකක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වූ බව වාර්තා වේ.