හෙට 8 ඉඳලා කරන්න යන දෙයක් ගැන ගත්ත තීරණය - මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
හෙට (16) දිනයේ දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වේ.
ඒ උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක් ය.
ඒ අනුව එම කාලය තුළ ඔවුන් සේවාවෙන් ඉවත් වී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වේ.
ඒ සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බව නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ ය.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් ආරම්භ කළ වැඩ වර්ජනයේ 5 වන දිනය හෙට වේ.
ඒ අනුව හෙට වර්ජන ක්‍රියාමාර්ගය දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ සිදුකෙරෙයි.
මේ හේතුවෙන් සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, CT, MRI පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම සහ ඖෂධ බෙදා හැරීම, එන්නත් කිරීමේ සායන ඇතුළු සියලු සේවා අඩාල වන බව සඳහන් වේ.
නමුත් මෙම කාලය තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ආවරණය කිරීම ස්වේච්ඡාවෙන් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසීය.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ඉදිරියේ දී ඌව පළාත සහ බස්නාහිර පළාත සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.
'දරුවන් දුවගෙනත් ගිහින්..' - අවුරුදු ගාණකින් සැඟවුණු 'සඳමාලිගේ' අබිරහස බතල ශාන්තගෙන් හෙළි වෙලා.. (VIDEO)
කෙසේ වෙතත්, අනතුරුව 22 වෙනිදායින් පසුව දිවයින පුරා සියලු රෝහල් වර්ජනයට සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම මහතා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.