මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක - වසර අටක් සිදු කර නොමැති දෙයක් ගැන හෙළිවෙයි..
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන තනතුරු සඳහා වැඩබැලීමට නිලධාරින් පත් කිරිම මඟින් පවතින අර්බුදය උග්‍ර වන බවයි.
වසර අටකින් රෝහල් අධ්‍යක්ෂවරු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැති බවයි, එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා තහනමට ලක්වූ ඖෂධ 33ක් මේ වනවිට කල් ඉකුත් වී ඇති බව රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි.