මහ මුහුදෙන් ගොඩට ගහපු අබිරහස - මහාධිකරණයේ සේවය කරන බවට වූ හැඳුනුම්පතකුත් තිබිලා
උණවටුන ප්‍රදේශයේ ගොඩබිමේ සිට කිලෝමීටර තුනක් පමණ දුර මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් නාවික හමුදාව සහ වරාය පොලීසිය එක්ව ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.
ඒ අනුව ධීවරයන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළසිරුර සොයා ගෙන ඇති බව සඳහන්.
එම පුද්ගලයා සතුව තිබී ගාල්ල මහාධිකරණයේ සේවය කරන බවට වූ හැඳුනුම්පතක් සොයාගෙන තිබෙන බවත් එහි පදිංචිය වඳුරඹ වශයෙන් සඳහන් කර ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (11) දින පැවැත්වීමට නියමිත බව පවසයි.
මේ අතර මළසිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.