දරුවන් වෙනුවෙන් අලුත් වැඩක් ආරම්භයි - මෙන්න අවස්ථාවක්

Report

“සුරක්ෂිත ළමා කාලය - නිර්මාණශීලී අනාගතය” යන මැයෙන් පිරිසිදු ශ්‍රී ලංකාව STEP UP ජාතික මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන අද (10) උදෑසන අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී.

අනාගතයේදී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා විධිමත් ගුණාත්මක ප්‍රමිතීන් හඳුන්වාදීම සහ මුල් ළමාවිය අධ්‍යාපනඥයින්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ජාතික මට්ටමේ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ලංකාව ගැන ඇග කිළිපොලා යන ඇත්තක් එළියට - හතරෙන් එකක් ඉවරයි

ලංකාව ගැන ඇග කිළිපොලා යන ඇත්තක් එළියට - හතරෙන් එකක් ඉවරයි

“සමෘද්ධිමත් ජාතියක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්මට අනුකූලව, මෙම ජාතික මුලපිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් සමඟ සහයෝගයෙන් සිදු කෙරේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සහ යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව, ළමුන් තුළ හඳුනාගත් මූලික වටිනාකම් දහයක් පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉගෙනුම් මෙවලම් සහ විශේෂිත සම්පත් කට්ටල වැඩසටහනේ කොටසක් ලෙස මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 900 කට බෙදා දෙන ලදී.

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්නේ - ජනතාව පරිස්සමෙන්

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්නේ - ජනතාව පරිස්සමෙන්

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දිකා සනත් කුමාරනායක, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පෙර පාසල් ගුරුවරුන් ඇතුළු මුල් ළමාවිය අධ්‍යාපනඥයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.