මුළු රටම බය වුණ පීඩන අවපාතය රටට ඇතුළු වෙමින් ඇති බවට අවධාරණාත්මක නිවේදනයක් - හෙට වෙනකල් අවදානම්[UPDATE]

Report

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය 2026 ජනවාරි 10 වන දින පෙ.ව. 11.30 වන විට මුලතිව් සිට කිලෝමීටර 20 ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ අතර, එය මේ වන විට මුලතිව් වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම තත්ත්වය ජනවාරි 11 වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වනු ඇති බවට බලාපොරොත්තු වන බවද එහි දැක්වේ.

එමෙන්ම මෙම පද්ධතියේ බලපෑම නිසා අධික වැසි සහ තද සුළං ඇති විය හැකි අතර ඉදිරි පැය 24 තුළ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

තවද උතුරු පළාතේ පැයට කිලෝමීටර 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ද, පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 50 දක්වා වන තද සුළං ද ඇතිවිය හැකි බව සඳහන්.

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ලංකාවට ලංවෙලා - මෙන්න විස්තරේ

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ලංකාවට ලංවෙලා - මෙන්න විස්තරේ

කෙසේ වෙතත් තද සුළං හේතුවෙන් තාවකාලික ඉදිකිරීම්වලට හානි සිදුවිය හැකි අතර, ගස් කඩා වැටීම් සහ විදුලි රැහැන්වලට හානි සිදුවීමේ අවදානමක් ඇති බව ද වාර්තා වේ. එනිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ කඳුකර හා නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම වෙරළාසන්න පහත් බිම්වල ජනතාව ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

තවද හදිසි අවශ්‍යතාවකදී 117 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙසත් දන්වයි.

කෙසේ වෙතත්, කොළඹ සිට ගාල්ල හරහා මඩකලපුව දක්වා වූ මුහුදු ප්‍රදේශ සඳහා මීට පෙර පනවා තිබූ නාවික සීමාවන් ඉවත් කර ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, නිල නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්නේ - ජනතාව පරිස්සමෙන්

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්නේ - ජනතාව පරිස්සමෙන්

මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය

මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය