නාමල් කොර වෙයි - මාලදිවයිනේ තානාපති නාමල්ට සුද්ද සිංහලෙන්ම කිව්ව දේ

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවීමට ඉකුත් සිකුරාදා දින උදෑසන බත්තරමුල්ලේ පිහිටි නෙළුම් මාවතට ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ තානාපති මසූඩ් ඉමාඩ් පැමිණ තිබුණා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු පක්ෂ ප්‍රධානීන් කිපදෙනෙකුත් සහභාගී විය.

එම අවස්ථාවේදී Good moing Ambassador how are you ? යනුවෙන් නාමල් බොහොම චතුර ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් සාකච්ඡාවට මුලපිරුවද නාමල්ට ප්‍රතිචාර වශයෙන් මාලදිවයිනේ තානාපති මසූඩ් ඉමාඩ් පැවසූ කතාව සියලු දෙනා පුදුමයට පත් කර තිබෙනවා.

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, "මට හොඳට සිංහල පුළුවන් . ඕන නම් අපි සිංහලෙන් කතා කරමු" යනුවෙන්.

ඊට ප්‍රතිචාර වශයෙන් නාමල් ද තානාපතිවරයාට, "හරිම හොඳයි එහෙනම් අපි සිංහලෙන් කතා කරමු" යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇත.

එමෙන්ම එහිදී සාගර කාරියවසම් විසින්, " එතකොට ඔබතුමා ඉගෙන ගත්තෙ කොහෙන්ද ? " යනුවෙන් විමසා ඇති අතර "මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්" යනුවෙන් තානාපතිවරයා ඊට පිළිතුරු ලබා දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ තානාපතිවරයා කතා කරපු කාරණා වගේම ඔහුගේ සිංහල භාෂා ප්‍රවීණත්වය ගැනත් නාමල් ස්තුතී පූර්වකව කතා කළ බව සඳහන්.

පැන පැන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි - ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

පැන පැන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි - ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්