අශේන්ට ආයෙත් ඇඬෙන්නම දීලා - ටොන් 45ක ආධාර ලොරි 4 ට බස්සපු සාත්තරේ එළි වෙයි - CID ට පැමිණිලි

Report

දිට්වා සුළි කුණාටුව නිසා පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට රැස් කරන ලද ආධාර තොගයක් සම්බන්ධයෙන් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අශේන් සේනාරත්න විසින් මූලිකත්වය ගෙන සිදු කරන ලද මෙම ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඩුබායි, අබුඩාබි, අජ්මාන් සහ රාස් අල් කයිමා වැනි ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දායකත්වය ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම ඩුබායි හි "එස් එල් රයිටර්ස්" (SL Writers) නමැති කණ්ඩායම සහ සිලෝන් රෝයල් කාගෝ (Ceylon Royal Cargo) නමැති ආයතනය ද මෙම කටයුත්ත වෙනුවෙන් ඍජුවම සම්බන්ධ වී ඇති අතර, එම භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමට කාගෝ ආයතනය ඉදිරිපත් වී තිබෙනවා.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

කෙසේ වෙතත් පැමිණිල්ල මඟින් හෙළි කර ඇත්තේ අඳාළ ව්‍යාපෘතියෙන් ටොන් හතළිස් පහක (45) පමණ ආධාර තොගයක් රැස් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණ ද, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇත්තේ ලොරි හතරකට සීමා වූ ආධාර ප්‍රමාණයක් පමණක් බවටයි.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් තහවුරු කර ඇති ලෙස ඔවුන් වෙත ලැබී ඇත්තේ කාටුන් පෙට්ටි 160කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව සඳහන්.

ඒ අනුව පැමිණිලි පාර්ශවය පෙන්වා දෙන්නේ එකතු කරන ලදැයි පැවසෙන ටොන් 45ක විශාල ආධාර ප්‍රමාණය සහ ලංකාවට ලැබුණු ප්‍රමාණය අතර බරපතළ පරස්පරතාවයක් පවතින බවයි.

ඊට අමතරව මෙම භාණ්ඩ තොගය ලංකාවට එවීමේදී අදාළ කාගෝ සමාගම හෝ අශේන් සේනාරත්න විසින් නැව් භාර පත්‍ර (Bill of Lading) හෝ HDL වැනි අත්‍යවශ්‍ය ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කර නොමැති බවට ද චෝදනා එල්ල වී ඇත.

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

තවද අඳාළ භාණ්ඩ එවා ඇත්තේ සම්පූර්ණ බහාලුම් (FCL) වශයෙන් නොව, බහාලුම් කොටස් (LCL) ක්‍රමවේදය යටතේ බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.

එනිසා අදාළ බහාලුම් වරායෙන් නිදහස් කර ගැනීමේදී කෙලින්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමු නොකර, තෙවන පාර්ශවීය ගබඩාවක් වෙත ගෙන ගොස් එහිදී බහාලුම් විවෘත කර භාණ්ඩ වෙන් කිරීමක් සිදු කර ඇති බවට ද සැක කරන බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව මඟින් මෙම බහාලුම් නිසි පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇති බවටත්, ආපදා සහන මුවාවෙන් වෙනත් තහනම් භාණ්ඩ (සිගරට්, මත්පැන් හෝ රත්රන් වැනි) ගෙන්වීමට මෙම ක්‍රමවේදය අවභාවිතා කළේ ද යන්න සම්බන්ධයෙනුත් සාධාරණ සැකයක් මතුවන බවත් පැමිණිලිකරුවන් පවසයි.

විශේෂයෙන්ම ඩුබායි හිදී භාණ්ඩ පටවන ආකාරය හෝ ලංකාවේදී අදාළ තුන්වන පාර්ශවීය ස්ථානයේදී භාණ්ඩ බාන ආකාරය දැක්වෙන වීඩියෝ සාක්ෂි නොමැති වීම හේතුවෙන් මෙම සැකය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

කෙසේ වෙතත් පැමිණිල්ල මඟින් අවධාරණය කර ඇත්තේ තම වැටුපෙන් කොටසක් වැය කරමින් ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් සිදු කරන ලද මෙම මානුෂීය පරිත්‍යාගයට සාධාරණයක් ඉටු විය යුතු බවත්, අතුරුදහන් වූ ආධාර තොගයට සිදුවූයේ කුමක්ද යන්න වහාම හෙළිදරව් කර ගත යුතු බවත් ය.

එබැවින් එම පැමිණිල්ල මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ සිලෝන් රෝයල් කාගෝ ආයතනයේ හිමිකරු වන චමින්ද විදානගමගේ සහ ව්‍යාපෘතිය මෙහෙයවූ අශේන් සේනාරත්න ඇතුළු වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, රේගු නිලධාරීන් මෙම භාණ්ඩ පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ මන්දැයි සොයා බලන ලෙසත් ය.

ෆුල් ට්‍රයි එකක් දුන්නා මග අරින්න දැන් තමයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ - ගිහින් එන්නම් කිව්වත් ආයේ නොඑන්නම ගිය ඔහු

ෆුල් ට්‍රයි එකක් දුන්නා මග අරින්න දැන් තමයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ - ගිහින් එන්නම් කිව්වත් ආයේ නොඑන්නම ගිය ඔහු