වතුයායක කම්කරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට

covid19 isolated hatton quarantine valioya
By Sewvandhi Jun 19, 2021 05:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන නීති කඩකිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ වතු කම්කරුවන් 12 දෙනෙකු හැටන් - වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වතු අධිකාරී කාර්යාලයට ගොස් එහි සේවකයන් කාර්යාලය සිරකර තැබීම, කර්මාන්තශාලාවේ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වීම යන චෝදනා යටතේයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වැලිඔය වසම, හුදෙකලා කිරීමට පියවර ගැනුනු අතර, පසුගිය 15 වනදා එය ඉවත් කිරීමෙන් පසු මෙම වතු කම්කරුවන් වතු අධිකාරී කාර්යාලයට පැමිණ එහි සේවකයන්ට බලපෑම් කර තිබෙනවා.

ඒ, මෙම හුදෙකලා කිරීම් සඳහා වතු අධිකාරීවරයා මුල් වී කටයුතු කළ බවට චෝදනා කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now