වනිඳු ලක්නව් කණ්ඩායම මිලදී ගනියි
අබුඩාබිහිදී අද (16) පැවැත්වෙන 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු තුන්ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 25.20ක වාර්තාගත මිලකට මිලදී ගෙන තිබේ.
මෙම මිල IPL ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකුට ගෙවූ ඉහළම මුදල වන අතර, පෙර වාර්තාව දැරූ සොදුරු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ගේ (2024 වෙන්දේසියේදී රුපියල් කෝටි 24.75) වාර්තාව බිඳහෙලා තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා නායකත්වය දැරූ වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔහුගේ මූලික මිල වන ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගෙන තිබේ.
2026 IPL ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබිහිදී මේ වන විට පැවැත්වෙමින් පවතී. වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,390ක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් 350ක් කෙටි ලැයිස්තුගත කර ඇත. ඉන් ඉන්දියානු ක්‍රීඩකයින් 240ක් සහ විදෙස් ක්‍රීඩකයින් 110ක් වෙති.