මස් වැඩිපුර ආහාරයට ගන්න අයට රතු එළියක්...අනිවා මේ ගැනත් සැලකිළි වන්න..

Meat Hart patient Healthy life
By Aruna Jul 22, 2021 02:27 AM GMT
Report

මස් වැඩිපුර කනවානන් මේ ගැනත් දැනගන්න රක්ත වර්ණ සහ සකස්කළ මාංශ වර්ග අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

එම තත්ත්වය “කිරීටක ධමණි රෝග” ලෙසද හැඳින්වෙන අතර එමගින් ලොව පුරා පුද්ගලයින් විශාල ගණනක් මරණයට පත්වීම හෝ විවිධ ආබාධයන්ට ලක්වීම සිදුවේ.

හෘදයට රුධිරය සපයනු ලබන රුධිර නාළිකා අභ්‍යන්තර පෘෂ්ඨ මත කොටෙස්ටරෝල් තැන්පත්වීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වෙයි.

පුද්ගලයින් මිලියන 1.4ක ගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය කර ඇති අතර එම පර්යේෂකයින් වසර 30ක් පුරා පර්යේෂණයට ලක්වූ පිරිස ගැන අවධානයෙන් සිට තිබේ.

විශේෂයෙන්ම හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් අනුභව කරන්නේ නම් අවදානම වැඩි බව හෙළිවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now