මගේ සැමියා තාම දන්නෑ මම දඟයි කියලා, ඔහු කෝටිපතියෙක් නෙවෙයි මම වගේම සාමාන්‍ය කෙනෙක්-හර්ෂි රසාංගා (PHOTOS)
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහා ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ ගායන ශිල්පිනියක් විදිහටත් දැන් ඉතාම ජනප්‍රියයි. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය දැන් විවාහ වෙලා ඉන්නේ මහේන් අනුරාධ කියන තරුණයාත් සමඟයි. හැබැයි තවමත් ඔවුන් වෙන වෙනම ජීවත් වෙන නිසා විවාහ වුණා කියලා ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ කියලයි හර්ෂි නම් කියන්නේ.
කොහොම නමුත් මහේන් ඇයට මුලින්ම ආදරේ කරනකොට ඔහු දන්නේ නැහැලු හර්ෂි කියන්නේ දඟකාර කෙනෙක් කියලා. ඉතින් යාළු වුනාට පස්සේ ඔහු හරියටම ඇය ගැන දැනගත්තේ. ඒ වගේම මහේන් කියන්නේ කෝටිපතියෙක් නෙවෙයි ඇය වගේම සාමන්‍ය පවුලක කෙනෙක් කියලත් ඇය කියනවා.
ඉතින් ඔහු පිටරටකට ගිහින් ඔහුගේ මහන්සියෙන් හම්බ කරන කෝටි ගණන් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි කියලයි හර්ෂි නම් කියන්නේ. කොහොම නමුත් විවාහ වෙද්දී ඔවුන් පොරොන්දම් තියා නැකතක් වත් බැලුවේ නැහැලු.







