තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දින පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින්. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් වෙනුවෙන් අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) දින ප්‍රකාශයට පත් කර සිටියා.

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි

එබැවින් ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

කෙසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත් සමඟ තම සංගමය සමඟ එකඟ වු කොන්දේසී කඩ කර ඇති බවයි.

එබැවින් අද සිට පැය 48ක කාලයක දීපව්‍යාප්ත රජයේ රෝහල්වල වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළා. 

අප්‍රේල් 15 වෙනකල් ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයාගේ පැවතීම සිදුවෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අප්‍රේල් 15 වෙනකල් ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයාගේ පැවතීම සිදුවෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්