හෙට උදේ 8 සිට පැය 48ක් රටපුරා වැඩවර්ජන - ජනතාව දැනුවත් වෙන්න
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව සංගමය සඳහන් පැවසීය.