ගෑස් හිඟය දරුණු වෙයි - මිනිස්සු ගෙවල් දොරවල් අත්හැර ගම්බිම් බලා ගිහින්

Report

ඉවුම් පිහුම් කටයුතු සඳහා ගෑස් නොමැතිවීමෙන් ඉන්දීය ජනතාව අපහසුතාවට පත්ව ඇත. මේ හේතුවෙන් ඉන්දියානු සංක්‍රමණික සේවකයින් සිය ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වේ.

ඉන්දීය දිල්ලි අගනුවර මුඩුක්කු නිවාස වල බොහෝ පිරිසක් මෙලෙස තම නිවෙස්වලින් පිටව ගොස් ඇත. සති තුනක් තිස්සේ ඔවුන් දැඩි ගෑස් හිඟයකට මුහුණ දෙමින් සිටින අතර මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය නැව්ගත කිරීම්වලට ඇති වූ බාධාව මීට හේතු වී ඇත.

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැන අමුතුම ආරංචියක් එළියට

බොහෝ ඉන්දියානුවන් ඉවුම් පිහුම් සඳහා ගෑස් භාවිතා කරන අතර නැව් කිහිපයක් තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල රැඳී සිටීම හේතුවෙන් මෙම තත්ත්වය උග්‍ර වී ඇත.

කෙසේ වෙතත් ඉන්දීය රජය පවසන්නේ LPG හිඟයක් නොමැති බවත් දේශීය නිෂ්පාදනය වේගවත් කරන බවත් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් තවත් සැපයුම් ලබා ගන්නා බවයි.