ඊශ්‍රායල හමුදාව හමාස් දඩයමේ - නොනවතින ගාසා ගැටුම
By Ashfa
ඊශ්‍රායල හමුදාව නිවේදනය කලේ මෙම සතිය මුලදී උතුරු ගාසා තීරයේදී හමාස් සාමාජික මුහම්මද් තව්වාඩ් ඝාතනයට ලක් වූ බවයි.
නිවේදනයක් නිකුත් කරමින් හමුදාව පැවසුවේ, කිසිදු සාක්ෂියක් ලබා නොදී, හමාස් සඳහා පුපුරණ ද්‍රව්‍ය සකස් කිරීම සහ ඊශ්‍රායල හමුදාවට එරෙහිව ප්‍රහාර මෙහෙයවීම සඳහා හමාස් සාමාජික මුහම්මද් තව්වාඩ් වගකිව යුතු බවයි.
ඉරානයට සහ ලෙබනනයට පහර දෙන අතරතුර, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම දිගටම සිදුකල අතර ඉරිදා දින ගාසා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් හතර දෙනෙකු මිය ගියහ.