දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අධිබලැති විදුලි රැහැනක් කැඩීයාම හේතුවෙන් කටුපොත, නාරම්මල, සියඹලාගස්කොටුව, ගිරිඋල්ල, අලව්ව, පොල්ගහවෙල යන ප්‍රදේශවල මෙසේ විදුලි විසන්ධි වීම් සිදුව ඇත.

එසේම තාක්ෂණික කණ්ඩායම් ඊයේ රාත්‍රියේම අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබුණු අතර, අද අලුයම විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මේ වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් අතිරේක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

තත්ත්වය උග්‍ර වෙයි - අද උදෑසන 8 සිට පැය 48ක් දක්වා දිවයිනේ රජයේ රෝහල්වල වෙන්නේ මේකයි

ඒ අනුව අදාළ ඉල්ලීම පිළිබද කරුණු අධ්‍යයනය කර ඉදිරි දින කිහිපය තුළ කොමිසමේ මතය ප්‍රකාශය පත් කරන බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළ බව වාර්තා වේ.

එමෙන්ම දෙවන කාර්තුව සඳහා ඉකුත් මාර්තු 31 වන දින විදුලි ගාස්තු සියයට 10කින් ඉහළ නැවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇත.

කෙසේ වුවද පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් සිට ජුනි දක්වා වන කාලසීමාවට අදාළ විදුලි ගාස්තුව තවත් සියයට 15කින් ඉහළ නංවන ලෙසට වන යෝජනාවක් ජාතික පද්ධති පාලන ආයතනය මඟින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි

මෙන්න මේ දීමනාව ලබා දෙන ක්‍රම වේදයේ වෙනසක්

මෙන්න මේ දීමනාව ලබා දෙන ක්‍රම වේදයේ වෙනසක්