මම රඟපෑම නවත්වලා රටයන එක ගැන කලින්ම කිවුවේ මගේ ප්‍රේක්ෂකයන්ට හිත හදා ගන්න ලේසි වෙන්න-හර්ෂි රසාංගා (PHOTOS)
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඉතින් මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන ‘ලංවී’ ටෙලි නාට්‍යයේ අපූර්වාගේ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා.
කොහොම නමුත් ඇය හදිසියේම රට අත්හැර යන්නට තීරණය කර ඇති බව ඇය පවසනවා. ඉතින් ඒක හදිසි තීරණයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. මොකද ඒක ඇය ගොඩක් කල් ඉඳලා ගත්ත තීරණයක්. ඒ වගේම ඇයගේ වැඩි දුර අධ්‍යාපනයට තමයිලු ඇය ලංකාවෙන් යන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල ඇයට ලැබෙන ජනප්‍රියත්වයට පයින් ගහල යන එක අපරාධයක් පසුතැවීමක් වෙන එකක් නැහැ කියලත් ඇය කියනවා.
නමුත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ආදරය අහිමිවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වුණාට ඒ නිසා ඇයට ඇයගේ ජීවිතයේ ඇයට යන්න ඕන තැනට නොගිහින් ඉන්න බැහැ කියලත් ඇය කියනවා. මොකද පොඩිකාලේ ඉඳලා ඇයට තිබුණු හීනේට යන්න ඕනෑ කියලයි ඇය කියන්නේ. ඉතින් එතනට ගියාට පස්සෙ ආපහු එන්න පුළුවන් වුණොත් එනවා කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇය මේ ගෙවපු ජීවිතේ ගැන ආපස්සට හැරිලා බැලුවම ඇයට ගොඩක් සතුටුයිලු. ඒ ඉතින් ඇය මේ ක්ෂේත්‍රයට ආවේ එකපාරටම දෙවියෝ දුන්න දෙයක් වගේ නිසා. ඒත් එක්කම අවුරුදු 11ක් වගේ පොඩි කාලයක් ඇතුළත ලංකාවෙන් භාගෙකට භාගයක් වගේ දන්න තැනකට මෙච්චර පොඩි වයසකදී එන්න ලැබීම ගැන ඇයට හරිම සතුටුයි කියලත් ඇය කියනවා.
ඇයට දැන් වයස අවුරුදු 19යි. ඉතින් ඒ වගේ වයසකදී මේ වගේ තැනකට එන්න පුළුවන්වීම ගැන නිහතමානී සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ලංකාව දාලා යන එක හැමෝටම කියලා යන්න හේතුව, අද ඇය මේ තැන ඉන්නේ ඇයට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා.
ඉතින් එයාලා නිසා මෙතැනට ඇවිල්ලා එයාලට නොකියා යනවා කියන්නේ ඇය එයාලට කරන වැරැද්දක් කියලා ඇයට හිතුණාලු. ඉතින් ඒ නිසා ඇය ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියලා යන්න තීරණය කළා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.







