මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ලැයිස්තුවට එද්දීත් ද්විත්ව පුරවැසියෙක් ද? ශිරාල්ගෙන් බරපතළ චෝදනාවක්

Report

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වී නොතිබූ බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සූරියප්පෙරුම මහතා ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ බවත්, පුරවැසිභාවය අත්හැරීම සඳහා ඉල්ලුම්පතක් ඕස්ට්‍රේලියානු රජයට යොමු කර තිබූ බවත්ය.

කෙසේ වෙතත්, එම ඉල්ලුම්පතට අදාළ අනුමැතිය ලැබෙන අවස්ථාවේදී ඔහුගේ නම ජාතික ලැයිස්තුවේ ඇතුළත්ව තිබූ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව, ජාතික ලැයිස්තුවට නම ඇතුළත් කරන අවස්ථාවේදී සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටින්නට ඇති බවට සැකයක් මතුව ඇති බව ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කළේය.

"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

එසේ වුවද, පසුව ඕස්ට්‍රේලියානු රජය ඔහුගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිගෙන ඇති බවට තොරතුරු ලැබෙමින් ඇති අතර, ඔහු භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්වන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවයක් නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

ශිරාල් ලක්තිලක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (07) හිරු රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමිනි.

සුබ වර්ණ සුබ වෙලාව එක්ක එළියට බැස්සොත් අද කිරියෙන් පැනියෙන් උතුරන ලග්නවල පලාපල මෙන්න

සුබ වර්ණ සුබ වෙලාව එක්ක එළියට බැස්සොත් අද කිරියෙන් පැනියෙන් උතුරන ලග්නවල පලාපල මෙන්න