ලොව ම ජයගත් සුරූපී පුංචි කෙල්ල ඉදිරියට කරන්න යන දේ ගැන අදහාගත නො හැකි හෙළිදරව්වක්.(PHOTOS)
දැවැන්තම ජාත්‍යන්තර රූ රැජින තරග හතරෙන් එකක් වන විශ්ව රූ රැජින මෙවර තරගයෙන් ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්ධු කිරුළ හිමිකරගත්තේ සිය මව්බිමට ඉතිහාසගත ජයග්‍රහණයක් සනිටුහන් කරමිනි.
ඒ 2000 වසරේ ලාරා දත්තා දිනූ විශ්ව රූ රැජින කිරුළ දිනූ හරියටම වසර 21කට පසුව 21 වියැති හර්නාස් සන්ධු විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් තෙවැනි ඉන්දීය කාන්තාව බවට පත්වීමෙනි.
සන්ධු ඉපදුණේ පන්ජාබ්හිදී චන්යදිගාර් හිදීය.
හර්නාස් හැදී වැඩුණු චන්දිගාර්හි පිහිටි ශිවාලික් පොදු පාසලට සහ කාන්තා විද්‍යාලයට ඇතුළත් ව ඇය එහිදී සිය මූලික හා ද්විතියික අධ්‍යාපනය හැදෑරැවාය. 21 හැවිරිදි ඇය දැනට රාජ්‍ය පරිපාලනය පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටීන්නීය.
ඇය වෘත්තියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් සිටී.
සන්ධු වයස අවුරුදු 17 සිටම රූපලාවන්‍ය සහ නිරූපණ සංදර්ශන සඳහා තරඟ කිරීමට පටන් ගත්තාය.
Miss Chandigar -2017 සහ Miss Max Emerging Star India -2018 තරගවලදී ඇය ශූරතා දිනාගත්තාය. 2019 දී ඇය Femina Miss India Punjab 2019 කිරුළ දිනාගත් පසුව ඇය Femina Miss India තරඟයට තරඟ කළාය.
ඇය ෆෙමිනා මිස් ඉන්දියා හි හොඳම 12 දෙනා අතර ද සිටියාය. ඇය දැනට වසර කිහිපයක සිට විලාසිතා ක්ෂේත්‍රයේ තම නම රැන්දීමට සමත් වී සිටින්නීය.
එපමණක් නොව, ඇය යාර දියන් පූ බරන් සහ බායි ජී කුට්ටංගේ වැනි චිත්‍රපටවල පවා රඟපා ඇත.
නිරූපණයේ හා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සාර්ථක කරගනිමින් සිටින ඇය එතැනින් නොනැවතී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින්නියක් ලෙස ද ප්‍රකටව සිටින්නීය.
ඇය ප්‍රියංකා චොප්රාගෙන් ආභාෂය ලබා ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළාය.
ඇයගේ විවේක කාලය තුළ ඇය යෝග අභ්‍යාස, නැටුම්, ඉවුම් පිහුම්, අශ්වයින් පැදීම සහ චෙස් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන්නියකි. සන්ධූ සොබාදහමට බෙහෙවින් ආදරය කරන්නියකි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ස්වභාව සංරක්ෂණය පිළිබඳ ඇයගේ අදහස් රූ රැජින විනිශ්චය මණ්ඩලයේ සිත් ගත්තේය.
ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස පිළිබඳව ද ඇයට දැඩි මතයක එල්බ සිටින්නීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |