මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

Report

72 වන ලෝක රූ රැජිණ තරගයෙන් අපේ රටට කිරුළ හිමි නොවුණත් ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකරට පුළුවන් වෙනවා රූ රැජිණ තරගයකට තියෙන වටීනාකම මුළු රටටම පෙන්නන්න.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

ඇය නිසාම තරග‍ය අවසන් වුණත් තාමත් රටේ මිනිස්සු රූ රැජිණ තරගය ගැන කතා කරන්නේ ඒ නිසයි.

කොහොම වුණත් මේ නිසා පෙර තිබ්බ තරගවලට වගේම මීට පෙර එවැනි තරගවලට සහභාගී වුණ අය පිළිබඳවත් මේ නිසා කතා මතුවෙනවා.

එහෙම වෙලාවක විවාහ රූ රැජිණක් ලෙස කිරුළු පැළඳි රෝසි සේනානායක ගැනත් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ විවිධ සටහන් පළ වෙනවා.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

ඒ අතරේ රෝසි සේනානයක ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබලා තිබ්බා.

එම සටහන පහතින්,

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

"රූ රැජිණක් වෙනවාට වඩා අමාරු, රූ රැජිණක් විදියට ජීවත් වෙන එක " මේ ඉන්නේ ලොව ප්‍රථම විවාහක රූ රැජිණ (Mrs. world), බර්නඩීන් රෝස්. ශ්‍රී ලාංකික කාන්තාවක්'... විවාහකයන් වෙනුවෙන් පැවැත්වෙන ලොව විශාලතම තරගාවලිය හැටියට සැලකෙන්නේ "විවාහක රූ රැජිණ" තරගාවලියයි. 1984දී එය ආරම්භ වුණේ ඇමරිකා එක්සත් ජනපදයේදී "Mrs. Woman of the world" යන නමින්. මට හිතෙන විදියට දැන් තියෙන නමට වඩා ඒ නම බරයි. එය පළමු වරට ජයගත්තේ ශ්‍රී ලාංකික බර්නඩීන් රෝස් සේනානායක බව අපේ රටේ දරුවන්ට කියන්න එය පෙළපොතකටවත් ඇතුළත් වුණාදැයි මම දන්නේ නෑ. රෝස් සේනානායක හෙවත් "රෝසි" සේනානායක, 1980දී ලෝක රූ රැජිණ (Miss world) තරගාවලියට සහභාගී වී, 1981දී ආසියානු පැසිෆික් රූ රැජිණ (Miss Asia Pacific) කිරුළ දිනාගත්තා. 1984දී ලොව පළමු විවාහක රූ රැජිණ වුණා. ශ්‍රී ලංකාවට ආඩම්බරයක් නොවෙයිද? ශ්‍රී ලංකාවේ මුල්ම පරිගණක මධ්‍යස්ථාන ආරම්භ කරන යුගයේ, ඒ කියන්නේ '80 දශකයේ අගභාගයේදී ඇය ඒවා විවෘත කරන්නත් සහභාගී වෙලා තියෙනවා. 1998දී ඇය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කීර්තිනාම තානාපතිනිය හැටියට පත්කෙරුණා. අපි අවුරුදු හැත්තෑ ගණනක් පුරා සදාකාලිකව ලෝකය ඉස්සරහ පරාජිත ජාතියක් නොවෙයි. යුද්ධයකුත් තිබිලා '80 දශකයේ අග වෙනකොට ශ්‍රී ලංකාව තිබුණේ එතන. ඉන්පස්සේ ආවා භීෂණය. ඒවා හැමෝගේම වැරදි. පසුව රෝස් සේනානායක, "රෝසි" සේනානායක හැටියට දේශපාලනයට එනකොට එතන රූ රැජිණක් හිටියේ නෑ. ඒක වෙනම කතාවක්. ඒත් අද වෙනකොට ගමෙන් ආපු අනුදි ගුණසේකර ගැන අගයමින් වාද විවාද යන අතරතුර, රත්නපුර ෆර්ගසන් බාලිකාවේ රෝස් සේනානායක විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජයග්‍රහණ ගැන කිසිවෙකු කතා කරනවා මම දැක්කේ නෑ."

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

GalleryGallery