හරක් කටා ට මහාධිකරණයයෙන් අද ලැබුණු නියෝගය.

CID - Sri Lanka Police Supreme Court of Sri Lanka
By Wayomi Apr 26, 2024 05:39 AM GMT
Wayomi

Wayomi

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර ඇත්තේ, එදින මෙම නඩුවේ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවයි. 

..........................................................................

May you Like