ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත (VIDEO)

hatton rishad badurdeen ishalini peradeniya hospital dayagama cemetery
By Sewvandhi Aug 13, 2021 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද (13) යළි ඇයගේ ඥාතීන්ට භාරදී තිබේ.

ඒ අධිකරණ නියෝගය අනුව සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් ජූලි 15 වැනිදා මියගිය අතර ඇයගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේ භූමදානය කෙරුණි.

අනතුරුව අධිකරණ නියෝග මත ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් විසින් පසුගිය 30 වැනිදා දේහය යළි ගොඩගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළේය.

එම පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසු අධිකරණ නියෝග මත ඇයගේ දේහය එලෙස යළි ඥාතීන් වෙත භාරදී තිබේ. දේහය භාරගැනීම සඳහා ඇයගේ මව හා සොහොයුරා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත අද පැමිණ සිටියහ.

මියගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ඩයගම පොදු සුසාන භූමියේම යළි භූමදානය කෙරෙනු ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


 

ReeCha