18 හැවිරිදි බිරිද අමානුෂික ලෙස පුළුස්සා ඝාතනය කළ මෙරට පුද්ගලයෙකුට මරණ දඬුවම..සිද්ධියේ සියලු විස්තර..

Hambanthota court order
By Sewvandhi Dec 18, 2021 01:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර 17කට පෙර හම්බන්තොටදී සිය 18 හැවිරිදි බිරිද නිවස තුළදී භූමි තෙල් දමා ගිණි තබා ඝාතනය කිරීමේ වරදට වරද කරු වූ 43 හැවිරිදි පස් දරු පියෙකුට හම්බන්තොට මහාධිකරණය ඊයේ (17)  මරණීය දණ්ඩණය නියම කරනු ලැබුවා.  

මෙලෙස මරණීය දණ්ඩණය නියම කෙරුණේ හම්බන්තොට සිරිබෝපුර පදිංචි 43 හැවිරිදි තුවාන් අනුෂ් යූනුෂ් නැමති පස් දරු පියෙකුටයි.

චුදිත පවුල් ආරවුලක් මත 2004.04.08 වන දින හම්බන්තොට පිහිටි නිවසේදී රාත්‍රි 9.30ට පමණ එක් දරු මවක වු 18 හැවිරිදි සිය බිරිදගේ සිරුරට භූමිතෙල් දමා ගිණි තබා ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

එහිදී ගිණි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 18 හැවිරිදි කාන්තාව ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහලටත් පසුව මාතර මහ රෝහලටත් ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලටත් ඇතුලත් කිරීමෙන් පසු තුවාලකාරිය 2004.04.11 වන දින මියගොස් තිබෙනවා.

පසුව සිද්ධිය පිළිබදව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් හම්බන්තොට පොලිසියට සිදුකල දැනුම් දීමකට අනුව මරණකාරිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට අනුව සිද්ධියට සැක පිට මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකල මුලික ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව චුදිත හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතට එරෙහිව නිතිපති වරයා විසින් 2005.12.16 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙන ලදි.

එහිදි පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට මරණීය දණ්ඩණය නියම කෙරුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now