රූගත කිරීමකදී ජනප්‍රිය නළුවාගේ අතින් පත්තු වූ උණ්ඩය කැමරා අධ්‍යක්ෂවරියගේ ජීවිතය අහිමි කරයි (PHOTOS)

dead Joel Souza Alec Baldwin Halyna Hutchins camera woman
By Sewvandhi Oct 22, 2021 12:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇමරිකානු ජනප්‍රිය නළුවෙක් වූ Alec Baldwin එක්වූ රූගත රූගත කිරීමකදී ගිණි අවියක්අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් අදාල චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පිණිය මිය ගොස් තිබෙනවා. මෙම ශෝකජනක ඉරණමට මුහුණ දුන්නේ එම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරිය වන 42 හැවිරිදි හෙලේනා හචින්ස් (Halyna Hutchins) මෙම අනතුරෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ 48 හැවිරිදි ජොඑල් සූසා (Joel Souza) ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් කැමරා අධ්‍යක්ෂවරිය තුවාල ලැබූ අවස්ථාවේම හෙලිකොප්ටර් යානාවක් මගින් රෝහල් ගත කිරීමට කටයුතු කළද ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වුණේ නැහැ. ජනප්‍රිය ඇමරිකානු ටෙලි නාට්‍ය මාලා ගණනාවක කැමරා අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති හෙලේනා ගවේෂණාත්මක මාධ්‍යකරණය පිළිබදව සහ ජාත්‍යන්තර සිනමාකරණය පිළිබදව බ්‍රිතාන්‍ය උපාධිධාරිනියකද වනවා.

මේ අතර මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ සී ඩබ්ලිව් සමාගමේ දර්ශන පසුතල ආරක්ෂණ ක්‍රියාවලින් පිළිබදව මේ වනවිටත් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. චිත්‍රපට නිෂ්පදනකරණයට එක්වන ශිල්පින් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ ඔවුන්ගේ නිෂ්පාදන කණ්ඩායම් ආරක්ෂණ ප්‍රතිපත්තිය හා පහසුකම් පිළිබද නැවත සලකා බැලිය යුතු බවයි.

දර්ශන පසුතලයක පැවතිය යුතු සම්මත ප්‍රමිතීන් කරා බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පහසුකම් ලගා නොවන බවටයි මෙම කණ්ඩායම් චෝදනා මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. මේ අතර මෙම තරුණ කැමරා අධ්‍යක්ෂවරියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් කම්පනයට පත්ව සිටින සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් සිය කම්පනය හා සංවේගය ප්‍රකාශ කරනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery