අල්ලස් නඩු වලින් බාගෙට බාගයක් නැහැ.
Sri Lanka
Bribery Commission Sri Lanka
By Wayomi
පසුගිය වර්ෂයේදී අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පැවරූ නඩු 89කින් නඩු 45ක්ම ඉල්ලා අස් කර ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
විවිධ හේතු මත එලෙස නඩුව ඉල්ලා අස් කර ගෙන ඇති අතර යළි පවරා ඇත්තේ නඩු විස්සක් පමණක් බවයි විගණන කාරණයකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
ඒ අනුව එම වාර්තාවේ සඳහන් වන පරිදි, අල්ලස් කොමිසම පැවරූ නඩු 18 ක චූදිතයන් 2021 වර්ෂයේ දී නිවැරදි කරුවන් වී තිබු බවත් වැරදිකරුවන් වී ඇත්තේ නඩු 11ක චුදිතයන් පමණක් බවයි.
එම 2021 වර්ෂයේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු 69ක් අවසන් කර තිබුණද පසුව ඉන් නඩු 40ක්ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
එමෙන්ම එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුනත් ඉන් ලිපි ගොනු 489ක් වසර 5කට වඩා 5 කට වඩා වැඩි කාලයකට අයත් වූ බවයි වාර්තා වන්නේ.
