ලංකාවෙන් හජ් වන්දනාවට යන පිරිස් ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්. - අලුත් කෝටාවක්. - තෝරා ගන්නේ මෙහෙමයි.

Report

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

ඒ, අනුව එම පිරිස ආයතන 88 කින් තෝරා ගන්නා බවත්, හජ් කමිටුව විසින් ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුව අදාල ආයතන 88 තෝරාගෙන තිබෙන බව සඳහන් කළා.

මෙම ආයතන 88 ට කෝටා ක්‍රමයක් යටතේ මෙම 3500 බෙදා දී තිබෙන බවත් යමක් කමක් තිබෙන අයම හජ් වන්දනාවේ යැවීමට මැදිහත් නොවී ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැර දුරස්ථ ප්‍රදේශ වල අයටත් අවස්ථාව ලබා දෙන්නැයි එම ආයතන වලින් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම මෙම 3500ක කෝටාව සාධාරණ අයුරින් බෙදා දෙනු ඇතැයි සිතන බවද විජිත හේරත් මෙහිදී සඳහන් කළා.