දරුණු අනතුරක් - විදේශිකයන් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් තවත් වෑන් රථයක මුහුණට මුහුණ ගැටෙයි
විදේශික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසල අනතුරකට ලක්ව තිබෙනවා.
ඒ අනුව අඳාළ වෑන් රථය ඊයේ (15) පස්වරු තුනට පමණ වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබු තවත් වැන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර වෑන් රථ දෙකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය කළ වෑන් රථය අධික වේගය පාලනය කර ගත නොහැකිව ධාවනය වූ මංතීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටීමෙන් බව වාර්තා වේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසියේ රථවාහන අංශය මඟින් සිදුකරයි.