දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - කොළ, සුදු සහ කහ පැහැ අංක තහඩු ගැනත් දන්වයි

Report

දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විදුලි වාහන සඳහා නිකුත් කෙරෙන මෙම කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව වලංගු බවයි.

එසේම අනෙකුත් වාහන සඳහා සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඔහු දන්වයි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ලියාපදිංචි කර ඇති වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇති බවයි.

මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

ඒ අනුව, 2026 ජුනි 10 වැනි දින සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි කළ වාහන 56,233ක් සඳහා වන අංක තහඩුද ඊට ඇතුළත් බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

තවද 2023 සහ 2024 වසරවලදී ලියාපදිංචි කළ වාහන 32,507ක් සඳහාද නව අංක තහඩු සකස් කර ඇත.

ඒ අනුව අඳාළ වාහනවල හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ අදාළ අංක තහඩු ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි

තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි