තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි

Report

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද (07) ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ දින (06) සිදුවිය. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සිදු වූ වෙනස - මහ බැංකු නිකුත් කල තොරතුරු මෙන්න

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සිදු වූ වෙනස - මහ බැංකු නිකුත් කල තොරතුරු මෙන්න

එමෙන්ම ඩෙංගු මර්දන කටයුතු සඳහා ඊයේ (06) සහ අද (07) විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත උපදෙස් ලබාදී ඇත.

පාසල්වල මදුරු මර්දන කටයුතු පිළිබඳ නිරීක්ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය.

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

එමෙන්ම, සිසුන්ගේ ඉල්ලුම අනුව අද සිට ‘සිසු සැරිය’ සේවා ඇතුළු අමතර බස් රථ ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.