ගුරුවරියගේ මුදල් පසුම්බිය සොරාගත් 5 වසරේ සිසුවාට දුන් අමානුශික දඩුවම

By Sithumi Nov 06, 2022 05:10 PM GMT
Sithumi

Sithumi

Report

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ඒ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා විසින්. 

 සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ . 

 හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර තිබුණු අතර ඒ, ගුරුවරියකගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමකටයි.