ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

By Wayomi Feb 28, 2024 11:04 AM GMT
Report

ලබන 13 වැනිදා සිට දින 3ක් නව ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පුත්තලම - වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින්.

ඒ, අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස දෙවනදා පැවති ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වූ 4232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිතයි.