තිදරු මවට නිවාස පිරිසිදු කිරීමට දුන් රුපියල් 25000 දීමනාව ග්‍රාම නිලධාරිනිය ආපසු ඉල්ලයි

Report

ගංවතුරින් විනාශ වූ නිවාස පිරිසුදු කර ගැනීමට රජය මඟින් ලබාදුන් රුපියල් 25,000ක දීමනාව යළි ලබා දෙන ලෙසට ග්‍රාම නිලධාරීවරිය විසින් සිදු කරන ඉල්ලීමෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බව දිඹුලාගල මනම්පිටිය සර්වෝදය ගම්මානයේ 41 වියැති තිදරු මවක වන එච්.එම්. ශාමර් මහත්මය සදහන් කළාය.

මෙම තත්ත්වයත් සමඟ නිවෙසේ ගංවතුරට හානි වූ බඩු බාහිර ලබාගැනීමට රජය මගින් ලබාදෙන දීමනාව අහිමි වනු ඇති බවද ඇය කිව්වාය.

අප මේ පිළිබඳව 207 මනම්පිටිය වසමේ ග්‍රාම නිලධාරීනි හීරෝෂණී ගුණරත්න මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම පවුලේ දියණිය සහ මව දෙදෙනාම රුපියල් 25,000 බැගින් නිවෙස පිරිසුදු කර ගැනීමේ දීමනාව ලබා ගෙන ඇති බවත් රජයේ මුදල් එලෙස වංචනිකව ලබා ගැනීම බරපතළ වරදක් හෙයින් මව් හෝ දියණිය ලබාගත් එක 25,00ක් දෙන තුරු, රුපියල් 50,000 ලබාදීමට නොහැකි බවයි.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

ශාමලී නමැති අය එම ගම්මානයේ නිවෙසක් ඉදිකිරීමට අත්තිවාරම් යොදා ඇති බවත් ඇය මවගේ නිවෙසේ පදිංචිව 25,000 දීමනාව ලබාගැනීමට අයැදුම් කර ඇති බවත් මවද එම 25,000 දීමනාව අයදුම් කර ඇති බැවින් පසුගිය කාලයේ පැවැති අධික කාර්ය බහුලත්වය නිසා යම් වැරැදීමකින් දෙදෙනාට රුපියල් 25,000 දීමනාව ලබාදී ඇති බවත් මෙම තත්ත්වය හෙළි වීමෙන් පසු 25,000 නැවත වරක් ගෙවන ලෙසට සිදු කරන ලද ඉල්ලීමට ඇය මෙම චෝදනාව සිදු කරන බවද ග්‍රාම නිලධාරීවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

මේ පිළිබඳව අප දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිසාත් මහත්මයගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එලෙස වැරැදීමකින් එම මුදල ලබාදී ඇත්නම් එක් 25,000ක දීමනාව අනිවාර්යයෙන්ම රජයට නැවත අය කර ගෙන එම නිවෙසේ දෙදෙනාම පදිංචි වී සිටී නම් ඉතිරි 25,000 දෙදෙනා අතරේ බෙදාදීමට කටයුතු කරන බවයි.

මේ ලග්න හිමියන් අද බොහොම පරිස්සමින් - අතේ සතේ නැතිවෙන තරමට අද අසුභ දසාවක්

මේ ලග්න හිමියන් අද බොහොම පරිස්සමින් - අතේ සතේ නැතිවෙන තරමට අද අසුභ දසාවක්