ලොවක් වටින සුපිරි ක්‍රීඩකයාගේ මරණය පිටුපස සැඟවුණු ඇත්ත..

Cricket England Cricket Team England
By Sewvandhi Aug 12, 2024 12:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වූ ග්‍රැහැම් තෝර්ප් ගේ අභාවය සියදිවි නසා ගැනීමකින් සිදු වූවක් බවයි.

මේ බව තෝර්ප්ගේ බිරිඳ අමන්දා විසින් හෙළිකර ඇති අතර, ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහු මානසික පීඩනයකින් පසුගිය කාලය පුරාවට දුක්විඳි බවයි.

වසර දෙකකට ආසන්න කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි තෝර්ප් ඉකුත් 05 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට 55 වැනි වියේ පසු විය.

කෙසේ නමුත් තොර්ප්ගේ බිරිඳ අනාවරණය කරන තෙක්ම ඔහුගේ මිය යෑමට හේතුව පිළිබඳ කිසිඳු සඳහනක් නොතිබුණි.

2022 මාර්තු මාසයේදී තෝර්ප් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළත්, එම පත්කිරීමෙන් ටික කලකට පසු ඔහු එම වගකීමෙන් මෙන්ම සියලුම පුහුණුකිරීම් කටයුතු වලින් ඉවත් විය.

එතැන් සිට මිය යන තෙක්ම තෝර්ප්ගේ කටයුතු මෙන්ම ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු පවුලේ අයට පමණක් සීමා විය.

වසර 12කට ආසන්න කාලයක් (1993 - 2005) එංගලන්තය නියෝජනය කළ තෝර්ප්, ටෙස්ට් තරග 100කට ක්‍රීඩාකළ කීර්තිමත් වමත් පිතිකරුවෙකි.  

කුඩා දරුවෙකු ඇතුළු තිදෙනකුට මරු කැඳවමින් සිදිවූ අතිශය බිහිසුන අනතුර..

කුඩා දරුවෙකු ඇතුළු තිදෙනකුට මරු කැඳවමින් සිදිවූ අතිශය බිහිසුන අනතුර..

ReeCha