උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දෙයි - පෙබරවාරි 20 සිට
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයැදුම්පත් කැඳවා ඇත.
ඒ අනුව 2026 පෙබරවාරි 20 වැනි දින අයදුම්පත් කැඳවීම අරම්භ වන අතර අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලෙස 2026 මාර්තු 05 දින දක්වා ඇත.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් හා සටහන 3 මඟින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවා ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දෙයි - පෙබරවාරි 20 සිට by kaushalya