ගෝඨාභය රාජපක්ෂගෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි සටහන් කරගනියි
සමාජ ක්‍රියාකාරිකයින් වන ලලිත් කුමාර සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) සාක්ෂි සටහන් කරගෙන තිබේ.
අද දිනට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර, වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් මස 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.
ඒ අනුව, නොවැම්බර් 27 වනදා නැවත සාක්ෂි ලබාදීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.