6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්
By Kanchana
6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මාතර දී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
ඒ වගේම මෙම උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ වසරකින් කල්දැමුණු 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේම ක්‍රියාත්මක කරන ලෙසටයි .
මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක් ලෙසිනි .
උද්ඝෝෂණය සදහා මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් එක්ව තිබේ.