වෙසක් පොහොය පවත්වන දිනය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Report

වෙසක් පුර පසළොස්වක පොහොය “රාජ්‍ය උත්සවය” මැයි 30 වන දා ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න සඳහන් කරයි.

ඒ අනුව ගෞරවනීය මහ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිව්නමගේ ඉල්ලීම පරිදි මැයි 30 වන දා වෙසක් පොහොය ලෙස සම්මතයකින් කටයුතු කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා කීවේය.

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

“පොහොය කමිටුව රැස් වුණා. කමිටුවේ නිර්දේශ අපිට ලැබෙනවා. ඒ නිර්දේශ ලැබුණ ම අපි මොකක්ද කරන්නේ කියලා දැනුම් දෙනවා. පවතින කාරණාව තමයි 1885 සිට ම එයාලා ගණන් කරපු විදියට හා කමිටුවේ ගණනය කිරීම් අනුව වෙසක් පොහොය යෙදෙන්නෙ මැයි පළමු වන දා. එතකොට මැයි 30ත් අධි පොහොයක් තියෙනවා.

සාමාන්‍ය විදිහට ඔවුන්ගේ මතය අනුව මැයි 01දා තියෙන්න ඕනෑ. මහ නායක ස්වාමීන් වහන්සේ හතර නමම ඉල්ලීම් කරලා තියෙන්නේ මේ මැයි 30ට එය යොදා ගන්න කියලා. එතකොට ඒ දිනය වෙසක් පොහොය හැටියට සම්මතයකින් කටයුතු කරන්න පුළුවන්. ඉතින් පොහොය කමිටුවේ ස්වාමීන් වහන්සේලා තුන් නමකුත් ඉන්නවා.

හැමෝගෙම පොදු අදහස ජ්‍යොතිර්වේදයට අනුවත් මැයි 01 එක තමයි. ඉතින් මහ නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අපිට බැහැර කරන්න බෑනේ. ඒ ගැනත් සැලකිල්ලට ගනිමින් අධි පෝය දවසේ රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්න පුළුවන්. කමිටුවේ අදහසත් ආවට පසු ලබන සතියේ වගේ ඒ සම්බන්ධ නිල නිවේදනය නිකුත් කරන්න පුළුවන්.”

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්