රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්
රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය මේ වන විට 10,000 දක්වා ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම හිඟය නිසා රෝහල් සේවා කටයුතු සිදුකිරීමේදී බාධා ඇතිවී තිබේ.
ඉදිරියේදී පුරප්පාඩු පිරවීම සඳහා එක්දහස් 1,900 පමණ නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට සැලසුම් කර තිබුණත් කොළඹ ජාතික රෝහල තුළ පමණක් මේ සඳහා 1,100 පමණ පුරප්පාඩු පවතින බව ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ අවධාරණය කළහ.
නව බඳවා ගැනීම් යටතේ, දැනට ස්වේච්ඡා සේවය යටතේ සේවය කරන පිරිසට වැඩි අවස්ථාවක් හිමි වන අතර, අලුතින් රෝහල් සේවයට එක්වීමට නියමිතව තිබෙන පිරිස 1,500 පමණක් බවද ඔවුන් පැවසූහ.
මෙම හිඟය නිසා, දැනට සේවයේ යෙදී සිටින සේවකයන් දිගු වේලාවක් දිනයේ එක දිගට සේවය කිරීමට සිදුවීම, මෙන්ම නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා සමහර අවස්ථාවල ජනතාව මුදල් ගෙවා පුද්ගලයන් යොදවා ගැනීමට පවා සිදුවන බවද ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ අවධාරණය කළහ.