ඇමති නලින්ද මහනායක හිමිවරු බැහැදකී
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරු මහනුවරදී මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත.
පළමුව අමාත්‍යවරු වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමි බැහැදැක ආශිර්වාද ලබා සුව දුක් විමසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබදව පුළුල් සාකච්ජාවක නිරතවී ඇත .
ඉන් පසුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි බැහැදැක, සුවදුක් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු පිළිබද සාකච්ජා කර තිබේ.
පසුගිය වර්ෂයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකළ පළමු “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පහ වර්තමානයේ ක්‍රියාත්මකවන ආකාරය පිළිබදවත්, මේ වනවිට එම මධ්‍යසථාන තුළින් ග්‍රාමීය ජනතාවට ඉතා සාර්ථකව ප්‍රතිකාර ඇතුළුව සෞඛ්‍ය සේවාවන් සිදුකරන බව ද පැහැදිලිකළ අමාත්‍යවරයා එම අක්දැකීම්ද පාදක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කළ බව ප්‍රකාශ කර තිබේ.
ඒ අනූව ලබන 24 වනදා එම ව්‍යාපෘතියේ දෙවන පියවර ආරම්භ කරන බවත්, මෙම වර්ෂය තුළදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 250 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් මෙහි දී සදහන් කළ අමාත්‍යවරයා ඉදිරි වර්ෂ දෙකහමාර තුළදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ද මහානායක හිමිවරුන් හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර ඇත.